Sinhalese

මෙම පිටුව වික්ටෝරියා ස්වාධීන විස්තීරණ දූෂණ විරෝධී කොමිසමේ (IBAC) එහි අරමුණ, කාර්යයන් සහ බලතල ඇතුළුව දළ විශ්ලේෂණයක් සපයයි.

Victoria හි ස්වාධීන විස්තීර්ණ දූෂණ විරෝධී කොමිසමට (IBAC) වාර්තා කළ හැකි දේ, පැමිණිල්ලක් කරන්නේ කෙසේද සහ ඊළඟට කුමක් සිදුවේද යන්න සොයා බලන්න.

රාජ්‍ය අංශයේ දූෂණ හෝ වික්ටෝරියා පොලිසියේ විෂමාචාර IBAC වෙත වාර්තා කිරීමට අපගේ පෝරමය භාවිතා කරන්න. පැමිණිල්ලක සඳහන් කළ යුතු පැවැත්ම පිළිබඳ විස්තර, සම්බන්ධ වන්නේ කවුරුන්ද, සිදුවූයේ කුමක්ද, කොහිද සහ කවදාද, එසේම කිසියම් උපකාරක ලේඛන තිබේ නම් ඇතුළත් විය යුතුය.

 

වීඩියෝ පිටපත

  • වික්ටෝරියා හි රාජ්‍ය අංශයේ දූෂණ හා පොලිස් විෂමාචාරයන් හෙළිදරව් කිරීම හා වැළැක්වීම සඳහා වන ස්වාධීන පුළුල් දූෂණ විරෝධී කොමිෂන් සභාවේ කාර්යභාරය මෙම වීඩියෝවෙන් පැහැදිලි කෙරේ. රාජ්‍ය අංශයේ දූෂණ සහ පොලිස් විෂමාචාර වාර්තා කිරීමට එය වික්ටෝරියානුවන් දිරිමත් කරයි

     
  • පොලිසිය නීත්‍යානුකූලව, වෘත්තීමය වශයෙන් හා

    සදාචාරාත්මක ලෙස සිය රාජකාරිය ඉටු කරන බව ප්‍රජාවේ අපේක්ෂාවයි.

    ඔබ විෂමාචාරයක් හෝ දූෂණයක් ගැන සැක කරන්නේ නම්,

    ඔබට වික්ටෝරියානු පොලිසියේ ස්වාධීන පාලන ආයතනය වන

    IBAC වෙත පැමිණිලි කළ හැකියි.

    එසේම, Victoria Police හි චර්යා ඒකකය වෙත ද

    ඔබට පැමිණිලි කළ හැකි අතර එවිට එය IBAC වෙත වාර්තා වීම සිදු වේ.

    පොලිස් විෂමාචාර යනු නීති විරෝධී චර්යාවන් හා

    Victoria Police නිලධාරීන්ගෙන් අපේක්ෂා කරන සම්මත හැසිරීම් නොදැක්වීම වේ.

    බැරෑරුම් පොලිස් විෂමාචාර හා දූෂණවලට, පහර දීම, තොරතුරු අනාවරණය කිරීම,

    වැදගත් අනාවරණයන් කිරීම, අල්ලස් දීම හෝ ගැනීම,

    වංචාව හා නීත්‍යානුකූල නොවන සේ අසාධාරණ සේ සැලකීම ඇතුළත්වේ.

    පොලිස් නිලධාරීන්,

    ආරක්ෂක සේවා නිලධාරීන්,

    පොලිස් රැඳවුම් නිලධාරීන් හා

    රාජ්‍ය සේවකයන් සම්බන්ධයෙන්

    පැමිණිලි ඉදිරිපත් කළ හැකිය.

    IBAC වෙබ් අඩවියට පිවිසීමෙන්,

    ඔබට පැමිණිල්ලක් සිදු කිරීමට හෝ තොරතුරු වාර්තාවක් ලබා දීමට හැකිය.

    එය සිදුකිරීමට පෙර සූදානම් වීම සඳහා එහි දී ඔබට උපකාර කෙරෙනු ඇත.

    මුලින් ම IBAC පැමිණිල්ල සිදු කිරීමට හෝ

    තොරතුරු ලබා දීමට උචිත ආයතනය දැයි පරීක්ෂා කර බලන්න.

    පරුෂ හැසිරීම, ප්‍රතිචාර දැක්වීමට පමා වීම හෝ අනුචිත නිල ඇඳුම් වැනි කරුණු සම්බන්ධයෙන්

    IBAC විමර්ශනය නොකරයි.

    එසේම මාර්ග අනතුරු හා දඩ ගැසීම් ප්‍රතිඵල හා උසාවි තීන්දු ගැන අපි විමර්ශනය නොකරන්නෙමු.

    මේ කරුණු සම්බන්ධයෙන් ඔබට ඍජුව ම Victoria Police ඇමතිය හැකිය.

    ඊළඟට සියලු තොරතුරු සූදානම් කර ගන්න.

    සිදු වූයේ කුමක්ද, කවදාද, කොතැනදීද,

    එයට සම්බන්ධ වුයේ කවුරුන්ද ආදී තොරතුරු සමඟ සිදුවීම් පිළිබඳ වීඩියෝ,

    ඡායාරූප හා ලිපි ලේඛන ආදිය.

    ඔබගේ පැමිණිල්ල භාරගත් බව අපි ඊමේල් පණිවුඩයකින් දන්වන්නෙමු.

    එයට පිළිතුරු සැපයීමෙන් ඔබට වැඩිදුර තොරතුරු ලබා දිය හැකිය.

    ඔබ විසින් පැමිණිල්ලක් කිරීමෙන් අනතුරුව,

    IBAC විසින් එය ඇගයීමකට ලක් කර, එය විමර්ශනය කිරීමට,

    විමර්ශනය කිරීම සඳහා Victoria Police වෙත ලබා දීමට

    නැත්නම් එය නොසලකා හැරීමට තීරණය කරනු ඇත.

    විමර්ශනයක් ආරම්භ කිරීමට තරම් ප්‍රමාණවත් තොරතුරු නොමැති අවස්ථාවල හෝ

    එය IBAC ට හෝ Victoria Policeට විමර්ශනය කළ නොහැකි අවස්ථාවල

    IBAC විසින් පැමිණිළි ඉවත දමනු ලැබේ.

    බැරෑරැම් හා ව්‍යුහයමය පොලිස් විෂමාචාර හෝ දූෂණවලට අපගේ ප්‍රමුඛතාව හිමි වේ.

    ඔබේ පැමිණිල්ල ඇගයීමට ලක් කිරීමට සති කිහිපයක් ගත විය හැකිය.

    IBAC තීරණය සම්බන්ධයෙන් දැනුම් දීමට අපි ඔබ අමතන්නෙමු.

    සමහර අවස්ථාවල, පැමිණිලි නිසා ඇති විය හැකි අහිතකර ප්‍රතිඵල,

    එනම් හිරිහැරවලට ලක් වීම හා රැකියාවෙන් නෙරපීම ආදිය නිසා

    පැමිණිලි ඉදිරිපත් කිරීමට පුද්ගලයෝ පැකිලෙති.

    සියලු පැමිණිලි පොදු ජන යහපත උදෙසා කෙරෙන තොරතුරු දැක්වීම ද යන බව තීරණය කිරීමට

    IBAC විසින් එය ඇගයීමට ලක් කෙරෙනු ඇත.

    ඔබේ පැමිණිල්ල පොදු ජන යහපත උදෙසා කෙරෙන තොරතුරු දැක්වීමක් නම්,

    ඔබේ අනන්‍යතාවය අනාවරණය නොකරනු ඇති අතර ඔබව හෝ පවුලේ අය හා හිතමිතුරන් හෝ

    එකට වැඩ කරන අය වින්දිතයන් සේ සැලකීම හෝ හිරිහැර කිරීම නීති විරෝධී වේ.

    ඔබට පැමිණිල්ලක් කිරීම අවශ්‍ය නැත්නම්,

    ඔබට 'තොරතුරු වාර්තාවක්' ඉදිරිපත් කිරීම සිදු කළ හැකිය.

    එසේ කිරීමෙන් ඔබ ඉදිරිපත් කරන තොරතුරු අපගේ බුද්ධිමය ලිපිගොනුවලට ඇතුළත් වන අතර

    ඒවා දූෂණ මර්දන විමර්ශන කටයුතුවලට උපකාරී වනු ඇත.

    නිර්නාමිකව වුවද පැමිණිලි ඉදිරිපත් කිරීම හා තොරතුරු ලබා දීම සිදු කළ හැකි නමුත්,

    එවිට වැඩි දුර තොරතුරු අවශ්‍ය වුවහොත්

    අපට ඔබ සම්බන්ධ කර ගැනීමට නොහැකි වන අතර,

    ප්‍රතිඵලය ගැන ඔබට දැනුම් දීමට ද නොහැකි වනු ඇත.

    අදාළ සියලු තොරතුරු ඇතුළත් කිරීමට මතක තබා ගන්න.

    IBAC විසින් ඔබගේ පෞද්ගලික තොරතුරු

    සුපරික්ෂාකාරීව හා නීත්‍යානුකූලව කළමනාකරණය කරනු ලැබේ.

    පොලිස් විෂමාචාර හා දූෂණ පිළිබඳ පැමිණිලි කිරීම මගින්,

    ගැටලු විසඳා ගැනිමට සහය ලැබෙන අතර පොලිසිය නීත්‍යානුකූලව,

    වෘත්තීමය හා සදාචාරාත්මක ලෙස කටයුතු කරන බව

    තහවුරු කර ගැනීමට ද හැකි වේ.

    IBAC විසින් මෙම ගැටලු විමර්ශනය කිරීම සිදු නොකළත්

    ඒවා ගැන දැනුම්වත් වීම අපගේ බුද්ධිමය කටයුතුවලට හා පර්යේෂණවලට උපකාරී වේ.

    ඒ නිසා විෂමාචාර හෝ දූෂණ ඔබ දුටුවහොත් ඔබට ඒ ගැන යමක් කළ හැකිය.

    IBAC අමතන්න.

    IBAC සමග ඔබ කැමති භාෂාවකින් කටයුතු කිරීමට

    නොමිලේ ලබා දෙන භාෂා හා භාෂණ පරිවර්තන සේවා පවතියි.

    පැමිණිලි ඉදිරිපත් කිරීම හා තොරතුරු වාර්තා ලබා දීමට ඕනෑම භාෂාවකින් සිදු කළ හැකිය.

    වැඩිදුර විස්තර සඳහා IBAC වෙබ් අඩවියට යන්න.